පෞද්ගලික බස් රථ වලට ලංගම ඩීපෝවලින් ඉන්ධන

පෞද්ගලික බස් රථ වලට ලංගම ඩීපෝවලින් ඉන්ධන ලබාදීම ඇරඹේ.

by Staff writer 20-03-2026 | 8:04 AM

COLOMBO (News 1st) - පෞද්ගලික බස් රථ සඳහා ගමනා ගමන මණ්ඩලයේ  ඩීපෝ මගින් ඉන්ධන ලබාදීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති සූජීව කනකරත්න සඳහන් කළේ,  දිවයින පුරා ඩීපෝ 107න් ඩිපෝ 103ක ඉන්ධන ලබාදිම සිදු කරන බවයි.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ, ලියාපදිංචි වී ඇති සහ දැනට මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරනු ලබයි.

එම ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් හිමියන් තම බස් රථය ගමනාගමන කොමිසමේ හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු කිරිම අනිවාර්යයි.

එලෙස තහවුරු කිරිමෙන් අනතුරුව අදාළ පෞද්ගලික බස් හිමියන්ට තම ගමන්වාරය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට ලංගම ඩිපෝ මගින් හැකියාව ලැබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.