මනුෂ සම්බන්ධයෙන් වූපැමිණිල්ලක විමර්ශන කටයුතු අවසන්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර ගැන කළ විමර්ශන කටයුතු අවසන්- අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 20-03-2026 | 10:12 PM

COLOMBO (News 1st) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.