.webp)

ඒ අනුව QR කේතය බාගත කර ගැනීමට නොහැකි වූ හෝ, ලියාපදිංචි වීමට නොහැකි වූ මෙන්ම මෙතෙක් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ පිරිසට මෙම අවස්ථාව හිමි වනු ඇති.
QR ක්රමවේදය අනුව, ඔත්තේ සහ ඉරට්ටේ ක්රමයට පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කළේය.
ඒ අනුව, වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව එම වැඩපිළිවෙළ ක්රියාත්මකයි.
වාහනයේ අංක තහඩුවේ අවසාන අංකය බිංදුව හෝ ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත්, අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති.
මේ වනවිට මෙම QR පද්ධතියට මිලියන 5ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කළේය.
