QR කේත ලබාගැනීමට පැවති දෝශ නිවැරදි කෙරේ.

QR කේත ලබාගැනීමට පැවති දෝශ නිවැරදි කෙරේ.

by Staff writer 16-03-2026 | 10:50 PM

COLOMBO (News1st) - ඉන්ධන නිකුත් කිරීමේ QR පද්ධතියේ පැවති ගැටලුවලට මේ වන විට පිළියම් යොදා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, වාහන අයිතිය වෙනස් වීම හා ජංගම දුරකථන අංක පිළිබදව ගැටලු පැවති බවයි.

එමෙන්ම වාහන පද්ධතියෙන් ඉවත් කර ගැනීමේ පහසුකමද ලබා දී තිබේ.

වාහන අලෙවි කර ඇති පුද්ගලයින්ට සිය ගිණුමෙන් එම වාහන ඉවත් කරන ලෙසත් එම නිවේදනය මගින් දැණුම් දෙයි.

අනවශ්‍ය කලබලයකින් තොරව මෙම ක්‍රමවේදයට සහා දක්වන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියි.