සජින් ද වාස්ට අධි චෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ හමුවේ දුෂණ චෝදනා යටතේ අධි චෝදනා ගොනු කරයි.

by Staff writer 16-03-2026 | 3:43 PM

COLOMBO (News1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ හමුවේ දුෂණ චෝදනා යටතේ අද(16) අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ, 2007 ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී නීත්‍යානුකූල ටෙන්ඩර් පාටිපාටිය අනුගමනය නොකරමින් මිහින් ලංකා ගුවන් සමාගමට බදු පදනම මත ගුවන් යානයක් මිලදී ගැනීමෙන් රජයට පාඩු කිරීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේයි.g