දෙවුන්දරදී කොටුවූ යාත්‍රාවේ සැකකරුවන් දික්ඕවිටට..

දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හෙරොයින් තිබූ බවට තහවුරු කර ගනී, මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් දික්ඕවිට වරායට..

by Staff writer 16-03-2026 | 8:32 AM

COLOMBO (News 1st) - දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බව, තහවුරු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ අදාළ යාත්‍රාව, අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එන ලදි.

එහි තිබූ උරවල අඩංගු හෙරොයින් ප්‍රමාණය ගණනය කිරීම මේ වන විට සිදුකරන බව නාවික හමුදාව සදහන් කළේ ය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ නාවික හමුදාපතිවරයා ද, දික්ඕවිට වරායට පැමිණ ඇත.