බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කොස්තාපල්වරයෙකුට තුවාල

ඌවපරණගම, යාලගමුවේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ති‌බේ.

by Staff writer 16-03-2026 | 3:47 PM

COLOMBO (News1st) - ඌවපරණගම, යාලගමුවේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් පිරිසක් යාලගමුව ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගොස් ඇති අවස්ථාවේ  වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි.