.webp)
-612196.jpg)
මෙම පියවර මගින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කිරීම් සහ කළුකඩ වෙළඳාම වළක්වා, ජනතාවට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම අරමුණු කෙරේ.
1. ඉන්ධන සැපයුම් තත්ත්වය
ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
* ඉන්ධන නැව්: ලබන සතියේ ඉන්ධන තොග රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත අතර, තවත් නැව් කිහිපයක් මෙම මස තුළ පැමිණීමට නියමිතය.
* සැපයුම් කළමනාකරණය: අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍ය වන ඉන්ධන තොග දැනටමත් ඇණවුම් කර ඇත. ඉන්දියාව සහ සිංගප්පූරුව හරහා ඉන්ධන සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට පියවර ගෙන ඇත.
2. QR කේතය ලබාගන්නා ආකාරය
අද පෙරවරු 6.00 සිට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීම සඳහා වලංගු QR කේතයක් අනිවාර්ය වේ.
* පැරණි ලියාපදිංචි අංක සහිත පරිශීලකයින්: ඔබ මීට පෙර QR සඳහා ලියාපදිංචි වී ඇත්නම් සහ වාහනය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස පහසුවෙන් ඔබේ QR කේතය යාවත්කාලීන කර බාගත කරගත හැක.
* වාහන හෝ දුරකථන අංක වෙනස් වූවන්: නව වාහන මිලදී ගත් හෝ දුරකථන අංක වෙනස් වූ පුද්ගලයින් සඳහා එම වෙබ් අඩවියේම ඇති 'Vehicle Registration' හරහා ලියාපදිංචි විය හැක. පවතින ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර ගනිමින් සිටී.
3. සතිපතා ඉන්ධන කෝටාව සෑම වාහන කාණ්ඩයක් සඳහාම සතියකට අදාළ උපරිම ඉන්ධන ලීටර් ප්‍රමාණයක් පහත පරිදි වෙන් කර ඇත.
4. අත්‍යවශ්‍ය සේවා සහ කෘෂිකාර්මික අංශ අත්‍යවශ්‍ය සේවාවන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳ තීරණ අද (15) දිනයේ ගනු ලබන අතර, එම පියවර අද සිටම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
