ඉරානයේ සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර

ඉරානයේ සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර එල්ල කර ඇතැයි අමෙරිකා ආරක්ෂක ලේකම් කියයි

by Staff writer 13-03-2026 | 10:34 PM

COLOMBO(News1st) - ඉරානයේ මිසයිල ප්‍රමාණය 90% කින් ද, ඩ්‍රෝන යානා ප්‍රමාණය 95% කින් අඩු වී ඇති බව අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

ඔහු සඳහන් කළේ, පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බවයි.

අමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, දිනකට ඉලක්ක 1,000කට වඩා වැඩි ඉලක්ක ප්‍රමාණයක් සපුරාගෙන ඇති බවය.

අමෙරිකා - ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වනවිට දුර්වලවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉරානයට ගුවන් සහ නාවික හමුදා නොමැති බවට පීට් හෙග්සෙත් ප්‍රකාශ කළ බවයි.