ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව මාලේ දක්වා පැමිණෙයි.

ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව මාලේ දක්වා පැමිණෙයි.

by Staff writer 12-03-2026 | 8:24 AM

COLOMBO(News1st) - මෙරටට ඇණවුම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක්‍ අම‍ෙරිකාවේ සිට මාලේ දක්වා මේ වවිටත් පැමිණ ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ, එම තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වන බවයි.

ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 වැනිදා මාලේ වෙත ළඟා වීමට නියමිතයි.

අප්‍රේල් මාසයේදී තවත් ගෑස් නෞකාවක් මෙමරටට ළඟා  වන බවත් සභාපතිවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ නෞකා සියල්ල අම‍ෙරිකාවේ සිට පැමිණෙන බවයි.

මේ අතර අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ, මේ මස 14 - 15 දිනවලදී, 17 - 18 දිනවලදී, 21 - 22 සහ 29 - 30 යන දිනවලදී ඉන්ධන රැගත් නෞකා 4ක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

එම ඉන්ධන තොග, ගොඩබාන අවස්ථාවේ මිල ගණන්වලට ලබා ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ සියළු නෞකා පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන්.