.webp)

COLOMBO (News 1st) - විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බක්, ජීව උණ්ඩ 17ක් තවත් උණ්ඩ සමග යුද හමුදා නිල ඇඳුම් කට්ටල සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හිඟුරක්ගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කළ වැටලිමකදීය.
සැකකරු හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙක්.
මේ අතර කම්හලක් මුවාවෙන් ගිනි අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ෂොට්ගන් එකක්, ටී කටස් ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ 12 ක්, නැවත පුරවන ලද උණ්ඩ 07 ක් හා ගිණි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් උපකරණ සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය.
සැකකරු වැල්ලවාය, නුගේයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක්.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විවිධ පුද්ගලයන්ට නිෂ්පාදිත ගිනි අවි ලබාදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
