.webp)
-611958.jpg)
COLOMBO (News 1st) - ලෙබනන ජනතාව සදහා ටොන් 60ක මානුෂීය ආධාර ලබාදෙන බව ප්‍රංශය පවසයි.
එම ආධාර අතරට සනීපාරක්ෂක කට්ටල, මෙට්ට, සහ ජංගම වෛද්‍ය ඒකකයක්ද ඇතුලත් වන බව ප්‍රංශ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය "ජෝන් නුඑල් බැරෝ" සඳහන් කරන ලදි.
මේ වන විට මැද පෙරදිග කලාපයේ පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් පවතී.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 500 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.
ප්‍රහාර හමුවේ අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 7කට අධිකය.
