.webp)
-611665.jpg)
COLOMBO (News 1st) -
හික්කඩුව නාරිගම වෙරළ තීරයේ පවතින තෙල් තට්ටු, ලිහිසි තෙල් බව අනාවරණය වී තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, වෙරළ ආරක්ෂක කණ්ඩායම් හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන බවයි.
ඒ, අදාළ තෙල් තට්ටු වල සාම්පල ලබා ගනිමින් ය.
එම තෙල් තට්ටු, වෙරළ තීරයේ මීටර් 40 ක පමණ දුරක පැතිරී ගොස් ඇතැයි ද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒවා ඉවත් කිරීම මේ වන විට සිදුවෙයි.
බැරල් තුනක් සහ එයාර් ටියුබයක කොටසක් ඇතුලු කොටස් කිහිපයක් ඊයේ හික්කඩුව ආශ්රිත වෙරළට ගොඩගසා තිබුණි.
ඒවා කුමන යාත්‍රාවකට අයත් දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.
