උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

by Staff writer 08-03-2026 | 7:24 AM

 COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම, අද පවතින්නේ ද අවදානය යොමු කළ යුතු මට්ටමේ ය.

සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත් මෙන්ම, වව්නියාව, මන්නාරම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ද, අද අවදානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතියි.