.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් අද ෆෝමියුලා ත්‍රී මංගල තරගයට සහභාගී විය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්විය.
ෆෝමියුලා ත්‍රී ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට එක්වෙයි.
කාර්ටින් තරග ඉසව්වේන් සිය ගමන ආරම්භ කළ යෙවාන්, ෆෝමියුලා 4 ශූරතාවලියේදීද දක්ෂතා ප්‍රදර්ශනය කළේ ය.
යුරෝ ෆෝමියුලා ධාවන ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් යෙවාන් ෆෝමියුලා ත්‍රී ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.
