.webp)
-611544.jpg)
COLOMBO (News 1st) - ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට තමන්ටද අවශ්‍ය බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.
ඒ මීළඟට පත්වන ඕනෑම ඉරාන නායකයෙකු ඝාතනය කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමකය.
පසුගියදා ඝාතනයට ලක්වූ, අයතුල්ලා අලි කමේනිගේ පුත්, "මොජ්ටාබා හමනේයි" නව උත්තරීතර නායකයා ලෙස පත්කෙරෙනු ඇති බවට විවිධ වාර්තා පළවුණි.
ඉරාන බලධාරීන් කාලය කා දමමින් ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වෙනිසුවේලාවේ අමෙරිකානු හමුදා මෙහෙයුමෙන් පසු බලයට පත්වූ එරට උප ජනාධිපතිනී ඩෙල්සි රෝද්‍රීගස් වැනි අමෙරිකානු රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි අයෙකු ඉරානයේ බලයට පත්වීමේ සුදුසු බව ට්‍රම්ප් පවසයි.
උත්තරීතර නායකයා යනු ඉරානයේ ඉහළම තනතුර වන අතර ඊට පුද්ගලයෙකු පත් කර ගැනෙන්නේ සාමාජිකයින් 88 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කවුන්සිලයේ ඡන්දයෙනි.
