.webp)
-611283.jpg)
එහි සභාපති බුද්ධික හේවාවසම් පැවසුවේ, ඉන් හය දහසක පමණ පිරිසක් සංචාරක පැකේජ යටතේ මෙරටට පැමිණ සිටින අය බවයි.
ඔවුන්ට අවශ්‍ය පහසුකම් සංචාරක නියෝජිතවරුන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිට ක්‍රියාත්මක බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
නවාතැන් හෝ ආහාර පහසුකම් සම්බන්ධයෙන් ගැටලු ඇති සංචාරකයින්ට (1912) ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය පහසුකම් සපයාගත හැකියි.
මේ අතර, යුධ ගැටුම් හේතුවෙන් දැනට වසාදමා ඇති ගුවන්තොටුපළවල සිරවී සිටින දේශීය හා විදේශීය සංචාරකයින්ට අවශය පහසුකම් ඒ ඒ ගුවන් සමාගම් විසින් සපයමින් ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම රටවල් වෙත ලිපි සහ පාර්සල් ප්‍රවාහනය කිරීමේදී ප්‍රමාදයක් ඇතිවිය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ගුවන් ගමන් අවලංගු වීම ඊට හේතුවයි.
ඒ හේතුවෙන් මැදපෙරග කලාපයේ රටවල් වෙත ලිපි හෝ පාර්සල් යොමු කිරීමට පෙර පිළිබඳව තැපැල් කාර්යාලවලින් විමසන ලෙස ද තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මැදපෙරදිග යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.
