මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්

මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරයි

by Staff writer 01-03-2026 | 4:23 PM

මැදපෙරදිග කලාපයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව විශ්වාසදායක දේශීය මාධ්‍ය හා සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කිරීම.

අත්‍යාවශ්‍ය නොවන සංචාර හා විශාල මහජන රැස්වීම් වලට සහභාගී වීමෙන් වැළකීම.

ළගම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්වීම.

ජංගම දුරකථන අරෝපනය කර තබා ගැනීම

සෑම විටම වලංගු හැදුනුම්පත් හා ලේඛන රැගෙන යාම.

අවශ්‍ය අවස්ථාවක සහාය ලබා දීම සදහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රීය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවුල් විසින් සිදු කරනු ලබන විමසීම් සදහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංක ද ක්‍රියාත්මකයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංකය වන 0742595546

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 0719802822 හා ක්ෂණික දුරකථන අංකය වන 1989 දුරකථන අංකයට දැණුම් දිය හැකියි.