.webp)
-611125.jpg)
ඔහු පළමු වතාවට මෙම තරගයට සහභාගී වූ අතර, තරගකරුවන් 142 දෙනෙකු පරාජය කරමින් ඔහු ජයග්‍රහණය ලබා ගැනීමත් විශේෂත්වයක්.
පැරිස් නුවර පිහිටි ඔහුගේ “Fournil Didot” බේකරියට යූරෝ 4,000 ක මුදල් ත්‍යාගයක් සහ වසරක කාලයක් එලීසේ මාලිගාවට (Élysée Palace) බැගට් (පාන්) සැපයීමට ගිවිසුමක් ද හිමිව තිබෙනවා.
පැරිස් නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙම තරගය පවත්වා තිබෙන්නේ, නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
බැගට්වල පෙනුම, රස, පිසීමේ තත්ත්වය ඇතුළු ගුණාංග කිහිපයක් මත මෙහි විනිශ්චය ලබා දී තිබෙනවා. වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තරගකරුවන් 143 දෙනෙකු අතරින් සීතම්පරපිල්ලෙයි ජෙගදීපන්ගේ බැගට් එක හොඳම බැගට් එක තෝරා ගැනීම විශේෂත්වයක්.
මීට පෙර ශ්‍රී ලංකාවේ උපන් බේකරි නිෂ්පාදකයෙක් වූ තර්ෂන් සෙල්වරාජා ද 2023 වසරේදී පැරිසියේ හොඳම බැගට් සාදන තරගයෙන් ජයග්‍රහණය කර එවැනි සම්මානයක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් විය.
එහිදී ඔහුට ප්‍රංශ ජනාධිපතිටත් බැගට් ලබා දීම සඳහා කොන්ත්‍රාත්තුවක් හිමිවිය.
ඊට අමතරව 2024 ප්‍රංශ ඔලිම්පික් උළෙලේදී, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ද ඔහුට හිමිවුණා.
