මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මෙරට සිට මැදපෙරදිග දක්වා සහ මැදපෙරදිග සිට මෙරට දක්වා ක්‍රියාත්මක සියලු ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

by Chathurika Jayasundara 28-02-2026 | 7:44 PM

COLOMBO(News1st) - මෙරට සිට මැදපෙරදිග දක්වා සහ මැදපෙරදිග සිට මෙරට දක්වා ක්‍රියාත්මක සියලු ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම සමාගම නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ, ඒ අනූව අදට නියමිත ගුවන් ගමන් වාර 10 ක්, අත්හිටුවා ඇති බවයි.

ගුවන් ගමන් අත්හිටුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු,
1979,
011 777 19 79 යන දුරකතන අංක සහ 
074 444 19 79 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ලබා ගත හැකියි.

ඊට අමතරව, www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ද, සියලු තොරතුරු ලබා ගත හැකියි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් අවලංගු වීමට හෝ ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි.

අදාළ ගුවන් සමාගම් අමතා, ගුවන් ගමන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගන්නැයි ඔහු ගුවන් මගීන්ට දැනුම් දී තිබේ.

හදිසි අවස්ථා සඳහා මෙරට ගුවන් තොටුපළ සූදානම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.