අනිද්දා (28) සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට

අනිද්දා සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේ සූදානමක්. තවත් නෞකා 4 ක් ලබන මාසයේ දිවයිනට.. - ලාෆ්ස් ගෑස් සමාගම

by Staff writer 26-02-2026 | 7:43 AM

COLOMBO (News 1st) - අනිද්දා (28) සිට ගෑස් වෙ‍ළෙඳපොළට නිකුත් කරන බව ලාෆ්ස් සමාගම පවසයි.

තවත් නෞකා 4 ක් ලබන මාසයේ දිවයිනට ළඟා වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලින්ද කුරුකුළසූරිය පැවසුවේ ය.

ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලින්ද කුරුකුළසූරිය ගෑස් හිඟය සඳහා හේතු වු කරුණු පිළිබඳව පැහැදිලි කළේ ය.

ඊයේ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගන ආ නෞකාවේ ගෑස් අද (26) දින දිවයිනපුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 50000 ක් වෙළෙඳපොළට නිකුත් කරන බවය.

ලාෆ්ස් ගෑස් හිගය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක හෝටල් සහ කාර්මාන්ත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ගෑස් නිකුත් කිරීමට ද ලිට්‍රෝ සමාගම පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.

ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහාද අඛණ්ඩව සැපයුම් නිකුත් කරනු ඇත.

හෙට දින ද තවත් ගෑස් නෞකාවක් දිනවයිනට ළගා වීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේ ය.