.webp)
-610906.jpg)
COLOMBO (News 1st) - 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවැනි තරගය අද පැවැත්වෙයි.
ඒ නවසීලන්තය සමගයි.
තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි.
එම කාණ්ඩයේ ලකුණු සටහන අනුව නවසීලන්තය දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, සහභාගී වූ පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි පසුවන්නේ සිව්වැනි ස්ථානයේයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ය.
කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
