විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීම අද ඇරඹෙයි.. -මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 25-02-2026 | 7:25 AM

COLOMBO (News 1st) - විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා බාර ගැනීම අද ආරම්භ කරන බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලබන  මාර්තු 18 දින දක්වා එම අදහස් හා යෝජනා භාර ගැනෙනු ඇති.

ලංකා විදුලි බල මණ්ඩලය  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කළ උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කළ හැකියි.

2026 දෙවැනි කාර්තුව සඳහා එනම් අප්‍රේල් පළමු වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා විදුලි ගාස්තුව, 13.56% කින් ඉහළ නැංවීම සදහා විදුලි බල මණ්ඩලය, පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේ ය.