6 ශ්‍රේණියේ නව ඉගෙනුම් මොඩියුල සූදානම්.

6 ශ්‍රේණියේ නව ඉගෙනුම් මොඩියුල සූදානම්, ලබන වසරේ සිට ක්‍රියාත්මකයි -අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 24-02-2026 | 10:11 AM

COLOMBO(News1st) - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 6 වන ශ්‍රේණියට අදාළ නව ඉගෙනුම් මොඩියුල සකස් කර අවසන්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, දැනටමත් මෙම නව මොඩියුලයන්හි අවසන් සමාලෝචන සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. 

ඒ සඳහා ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

නව අධ්‍යාපන මොඩියුලයන් ලබන වසරේ සිට 6 වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.