රියැදුරු ඝාතනය කළ 16 හැවිරිදි සැකකරුවෙක්

පුත්තලමේදී රියැදුරු ඝාතනය කර, ත්‍රිරෝද රථයක් රැගෙන පලාගිය 16 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට - පොලීසිය

by Staff Writer . 23-02-2026 | 8:59 AM

COLOMBO (News 1st) - පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේදී රියැදුරු ඝාතනය කර, ත්‍රිරෝද රථයක් රැගෙන පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 16 හැවිරිදි රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු, ත්‍රී රෝද රථයේ කුලී ගමනක් ගොස්, රියැදුරු ඝාතනය සිදුකර ත්‍රීරෝද රථය හා මුදල් රැගෙන පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක, තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර තිබු ත්‍රිරෝද රථ රියදුරුගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

72 හැවිරිදි රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස ඝාතනයට ලක්ව තිබේ.