.webp)
-610768.jpg)
COLOMBO (News 1st) - මන්නාරමට දකුණින් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්රාව ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.
යාත්රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරන ලදී.
