.webp)
-610805.jpg)
ඒ සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදීයි.
විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු පවසා ඇත්තේ, කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් අදාළ මුදල ලබා දුන් බවයි.
සැකකරුගේ ඥාතී දියණියකගේ උත්සව කටයුත්තක් වෙනුවෙන් ද කරන්දෙණිය සුද්දා විසින් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ලබා දී ඇතැයි සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු මේ වනවිට පැය 72 රැදවුම් නියෝග මත ප්රශ්න කරමින් සිටී.
ඔහුට දින 90ක රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය ප්රකාශ කළේය.
අකුරේගොඩ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීප හිතවතෙකි.
විමර්ශන නිලධාරීන් සදහන් කළේ, සැකකරු මංකාල්ලකෑමේ සිද්ධියකට මීට පෙර සිරගත කර සිටි අයෙකු බවයි.
විමර්ශන නිලධාරීන් පවසන පරිදි, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු ඇප මත නිදහස් කරගෙන ඇත්තේ ද කරන්දෙණියේ සුද්දා විසින්.
තලංගම, අකුරේගොඩදී පසුගිය 13 වැනිදා පස්වරුවේ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කෙරුණි.
