ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්.

මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්.

by Staff writer 21-02-2026 | 12:02 PM

COLOMBO(News1st) - මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න හා වලපනේ ප්‍රදේශ සඳහා අවදානයෙන් සිටින්නැයි නිවේදනය කර ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ⁠මීගහකිවුල, ⁠කන්දකැටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට ⁠හගුරන්කෙත ප්‍රදේශ සඳහා විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ.

මේ අතර දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වැසි තත්ත්වයේ වැඩි වීමක්ද අපේක්ෂා කරන බවයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.