උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

පසුගිය වසරේ උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි - උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

by Staff writer 21-02-2026 | 8:42 AM

COLOMBO(News1st) - පසුගිය වසරේ උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානවලින්.

ආදායමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තාවීමට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සහ සංචාරක අංශයේ වර්ධනය හේතුවී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය වසරේදී උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලද මුළු ආදායම රුපියල් බිලියනයක්.

පසුගිය වරේදී පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීම සඳහා මිලියනයකට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.

සියලුම උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණි ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2කට වැඩි සංචාරකයන් ප්‍රමාණයක්.