.webp)
-610643.jpg)
පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ මෝටර් රථයක් ඇල්පිටිය කහදුව ප්‍රදේශයේදී සිය භාරයට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව ද, පොලීසිය සඳහන් කළේ ය.
ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 'පොල්ගස්ඕවිට ඩිලා' නැමැත්තා ද ඒ අතර වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම, අකුරේගොඩදී පසුගිය 13 වැනිදා පස්වරුවේ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කෙරුණි.
