ඉදිරි දින 08 තුළ ගෑස් රැගත් නෞකා 03 ක් දිවයිනට..

ඉදිරි දින 08 තුළ ගෑස් මෙට්‍රික් ටොන් 10,500 ක් රැගත් නෞකා 03 ක් දිවයිනට..

by Staff writer 20-02-2026 | 3:13 PM

COLOMBO(News1st) - ඉදිරි දින 8 ක කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 10,500ක් රැගත් නෞකා තුනක් දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන ප්‍රකාශ කළේ, මේ වන විට දිවයින පුරා අඛණ්ඩව ගෑස් සැපයුම සිදු කරන බවයි.

ලිට්‍රෝ සමාගම වෙළෙදපොළට දෙනිකව නිතුක් කරන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1100 ක් වුවත්, මේ වනවිට එය මෙට්‍රික් ටොන් 1500 ක් දක්වා ඉහළ දමා තිබේ.