2028 T20WC එකටත් තේරුණු ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව 2028 T20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි...

by Haindu Gihan 18-02-2026 | 8:49 PM

COLOMBO (News 1st) - 2028 වසරේදී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කරකාරකත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් මේ වනවිට ඍජුවම සුදුසුකම් ලබා තිබේ.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඊට සුදුසුකම් ලබා ගත්තේ සත්කාරක රටවල් වීම හේතුවෙනි.

මේ දිනවල පැවැත්වෙන 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අනෙක් රටවල් 7ද  එලැඹෙන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව ද 2028 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

20/20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ අයර්ලන්තය ද 2028 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.

2028 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිරි කණ්ඩායම් 8 ඉදිරියේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තෝරා ගැනීමට නියමිතයි.