.webp)

"මිනිසුන්, පෘථිවිය සහ ප්‍රගතිය" යන මූලික තේමාවන් පදනම් කර ගනිමින් සමුළුව "භාරත් මණ්ඩපම්" සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඊයේ ආරම්භවු මෙම සමුළුව ලොව රටවල් 45 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
එහි රාජ්‍ය නායක සමුළුව අනිද්දා ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක එදින සමුළුව ඇමතීමට නියමිතයි.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ඊට රටවල් 20ක නායකයින් සහභාගි වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමුළුවට සමගාමීව ඊට සහභාගී වන ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
එම සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායකට අමතරව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු, ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු පිරිසක් සහභාගී වේ.
මීට අමතරව භූතානය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්තය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය වැනි රටවල අග්‍රමාත්‍යවරුන් හා උප ජනාධිපතිවරුන්ද සමුළුවට සහභාගී වීමට නියමිතයි.
කෘත්‍රිම බුද්ධිය මගින් මානව සංවර්ධනය, පරිසර ආරක්ෂණය සහ ආර්ථික ප්‍රගතිය ළඟා කර ගැනීම සඳහා ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳ සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරෙණු ඇත.
මේ අතර 2023 වසරේ මුල් වරට "කෘත්‍රිම බුද්ධි ආරක්ෂක සමුළුව" ලෙසින් බ්‍රිතාන්‍යයේදීත්, 2024 වසරේදී "සෝල් සමුළුව" ලෙසින් දකුණු කොරියාවෙදීත් එම සමුළුව පැවැත්විණි.
ගිය වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී එය සංවිධානය කෙරුනේ, "AI ඇක්ෂන් සමිට්" ලෙසින් ය.
මෙවර සමුළුව සඳහා තාක්ෂණ සමාගම් නියෝජනය කරමින් Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පීචයි, ChatGPT අයත් OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් සැම් ඕල්ට්මන් සහ පරිගණක චිප් නිෂ්පාදනය කරන ලොව වටිනාම සමාගමක් වන Nvidia සමාගමේ නිර්මාතෘ ජෙන්සන් හුවාන්ග් සහභාගී වීමට නියමිතයි.
Microsoft නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිද සමුළුවට එක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
