ඉන්දු - පාකිස්ථාන තරගයෙන් ඉන්දියාවට ලකුණු 61ක ජයක්

ඉන්දු - පාකිස්ථාන තරගයෙන් ඉන්දියාවට ලකුණු 61ක ජයක්..

by Staff writer 15-02-2026 | 10:23 PM

COLOMBO (News 1st) - 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගය ඉන්දියාව ලකුණු 61කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175කි.

ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි.