මාදැල් හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

මාදැල් හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

by Staff writer 13-02-2026 | 6:13 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළ බව සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමූපකාර සමිතිය පවසයි.

ඔවුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

ට්‍රැක්ටර් හා වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීමට අවසර දෙන්නැයි ඉල්ලා පසුගිය 5 වැනිදා ජනාධිපති කාර්යාලය අසල මාදැල් ධීවර කාර්මිකයින් පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.