අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්..

සුළි කුණාටුවෙන් ඇති වූ ආපද වන්දි ලබා දීම සහ තක්සේරු කිරීම් ගැන තවදුරටත් පැමිණිලි කළ හැකියි - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

by Staff writer 12-02-2026 | 5:54 PM

COLOMBO (News 1st) – දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා සදහා වන්දි ලබා දීම සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි කළ හැකි බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, ඒ සදහා 1904 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ක්‍රියාත්මක බවයි.