රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට නිවේදනයක්!

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් ඇරඹේ.

by Staff writer 05-02-2026 | 8:19 AM

COLOMBO(News1st) - රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වේ.

එම විභාගය පැවැත්වෙන්නේ, ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන්.  
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, ලබන 19 වැනිදා දක්වා Online ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි. 
 
මේ අතර රාජ්‍ය සේවයේ නොමැති සෙසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා  අයදුම්පත් කැඳවීම, ලබන 20 වැනිදායින් ආරම්භ වේ. 
20 වැනිදා පෙරවරු 9 සිට මාර්තු 5 වැනිදා පස්වරු 9 දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකියි.