ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයක..

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයක..

by Staff writer 05-02-2026 | 6:15 PM

COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, “සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” ආරාධනාවකට අනුවයි.

සංචාරයේදී ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ගුජරාට් හා කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත ය.

එම ප්‍රන්තවල මහ ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇතැයි සඳහන් ය.

මීට අමතරව පිරිස ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නැරඹීමට ද නියමිතයි.

අන්තර් සමාගම් සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලන්කුමරන්, කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ සහ පක්ෂයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනීද ටිල්වින් සිල්වා සමග  සංචාරයට එක්ව සිටී.