යුද්ධ හමුදාවේ 9,158ට උසස් වීම්...

78 වැනි නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158ට උසස් වීම්...

by Staff writer 04-02-2026 | 3:55 PM

COLOMBO (News 1st) - 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158 කුට උසස් වීම් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කළේ, කොමිෂන් නොලත් නිලධාරීන් හා නිලධාරීනියන් පිරිසකට එලෙස උසස් වීම් ලබාදී ඇති බවයි.

උසස් වීම් ලැබූ නිලධාරීන් අතරින් සාමාන්‍ය සෙබළුන් 1,440 ක් ලාන්ස් කෝප්‍රල් නිලයටත් , ලාන්ස් කෝප්‍රල් නිලයේ සිටි නිලධාරීන් 2,339 ක් කෝප්‍රල් නිලයටත් උසස් කර ඇත.

ඊට අමතරව නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි  සේවයේ නියුතු සෙසු නිලයන් අතරින් බලලත් නිලධාරී II නිලයේ සිට බලලත් නිලධාරී I නිලය දක්වා 260 දෙනෙකුටත්, මාණ්ඩලික සැරයන් නිලයේ සිට බලලත් නිලධාරී II දක්වා 1,211 දෙනෙකුටත්, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1,704 දෙනෙකුටත්, කෝප්‍රල් නිලයේ සිට සැරයන් දක්වා 2,339 දෙනෙකුටත් උසස්වීම් ලබා දී තිබේ.