78 වැනි නිදහස වෙනුවෙන් ලෝක නායකයින් සුබ පතයි...

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස වෙනුවෙන් ලෝක නායකයින් සුබ පැතුම් එක් කරයි...

by Staff writer 04-02-2026 | 10:42 PM

COLOMBO (News1st) - 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලෝක නායකයින් ඇතුලු ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන් රැසක්  මෙරටට සුබ පැතුම් එක්කර තිබේ.

සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ, දෙරට අතර අතර සහයෝගීතාව අඛණ්ඩව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ පවතිනු ඇති බවයි

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං ද නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක්කර තිබීම විශේෂත්වයකි.

චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලි මෙන්න දෙපාර්ශවයටම ලාභදායි සහයෝගීතාවයක් අනුගමනය කරන හවුල්කරුවන් වන අතර සංවර්ධන සහ පුනර්ජීවන මාවතේ ගමන්කරන්න මිත්‍රයන් බවත් චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ශ්‍රී ලංකාවේ ජනතාවට සහ ජනාධිපතිවරයාට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පවසන්නේ දිගුකාලීන හවුල්කාරිත්වය සහ ගැඹුරු ඉතිහාසමය බැඳීම් සිහිපත් වන බවයි.

‍ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයද  නිවේදනයක් නිකුත් කර ඇති අතර සාමය සහ සමෘද්ධිය කරා යන ගමනේදී 
ශ්‍රී ලංකාව සමග සෑම විට ආඩම්බරයෙන් නැගී සිටින බව එහි සඳහන්.

එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලය ද නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සුබ ප්‍රාර්ථනා කර තිබේ.