නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49 දෙනෙකුට ජනාධිපති සමාව

by Staff writer 04-02-2026 | 7:04 AM

COLOMBO (News 1st) - 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, කොන්දේසි කිහිපයකට යටත්ව ඒ සඳහා සිරකරුවන් තෝරා ගෙන ඇති බවයි.

මේ අතර සිරකරුවන්ට අමුත්තන් හමුවීම සඳහා අද දිනයේ විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව ඔවුන්ගේ පිටතින් ආහාර පාන රැගෙන ඒමටද අමුත්තන්ට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.