යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර සතියකට නතර වෙයිද?

යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර සතියකට අත්හිටුවීමට රුසියානු ජනපති එකඟ වූ බව අමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසයි

by Staff writer 30-01-2026 | 9:47 AM

COLOMBO (News 1st) - යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර සතියක කාලයක් සඳහා අත්හිටුවීමට රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකාවේ කැබිනට් රැස්වීමකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට යුක්‍රේනයට බලපා ඇති අසාමාන්‍ය සීත කාලගුණය සැලකිල්ලට ගනිමින්, තමන් පෞද්ගලිකව සිදුකළ ඉල්ලීමකට අනුව, රුසියානු ජනාධිපතිවරයා ඊට එකඟ වූ බවයි. 
 

ඉදිරි සතියේදී යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 24ක් දක්වා පහල යා හැකි බවට අනාවැකි පළ වේ. 
කෙසේ නමුත් රුසියාව මෙතෙක් ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා නොමැත. 
 

රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සදහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට රුසියාවට පැමිණෙන්නැයි යලිත් වරක් ආරාධනා කරන බව ක්‍රෙම්ලිනය පවසයි. 

ඒ ලබන පෙබරවාරි 24 වැනිදා රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර 4ක් ගතවන පසුබිමකයි.