මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කොන්දොස්තරවරයෙකු කොටු..

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට..

by Staff writer 30-01-2026 | 6:45 PM

COLOMBO (News 1st) - 

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් බස් රථයකින් ප්‍රවාහනය කළ කොන්දොස්තරවරයෙකු අම්පාර මරදමුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ සිට සමන්තුරේ දක්වා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරයෙකු එලෛස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 600ක්, අයිස් ග්‍රෑම් 73.මිලි ග්‍රෑම්  900 ක්, කේරළ ගංජා ග්‍රෑම් 34 මිලි ග්‍රෑම් 490 ක් සහ හෑෂ් ග්‍රෑම් 94 මිලි ග්‍රෑම්  560 ක් පොලිස් භාරයට ගෙන තිබේ.  

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.