සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 29-01-2026 | 11:29 AM

COLOMBO (News 1st) - හෙළ සිනමාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ, අභාවප්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල පිහිටි නිවසේදී අද (29) අලුයම අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 89 ක්.

මෙරට ජනප්‍රිය සිනමාවේ දැවැන්තයෙකු වූ සේන සමරසිංහයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු, ගේය පද රචකයෙකු යන විවිධ භූමිකා ඔස්සේ හෙළ සිනමාව පෝෂණය කිරීමට දායක විය.

කස්තුරි සුවඳ, සදහටම ඔබ මගේ, නිල්ල සොයා, ආශා දෑසින් ඇතුලු සිනමාපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කර තිබේ.