තරුණියක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන

අඟුලාන, සහස්පුර නිවාස සංකීර්ණයේදී තරුණියක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන..

by Staff writer 28-01-2026 | 11:02 AM

COLOMBO (News1st) - අඟුලාන, සහස්පුර නිවාස සංකීර්ණයේදී 24 හැවිරිදි තරුණියක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසීය පවසයි.

පහරදීමකින් ඊයේ එලෙස ඝාතනයට ලක්වූයේ වාද්දුව කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

31 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සිටින පුද්ගලයෙකු බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධතායකදී හටගත් ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළීවී ඇතැයි පොලීසිය පැවසුවේ ය.