.webp)
-609226.jpg)
ඔහු X පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙන්නේ, ඊයේ(26) පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
පාකිස්ථානය පසුගියදා 20යි 20 ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර, ඔවුන්ගේ තේරීම් කමිටු ප්‍රධානී ආකිබ් ජාවෙඩ් සඳහන් කළේ, තම කණ්ඩායම තරගාවලියට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය රජය විසින් ගනු ඇති බවයි.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්ථානයේ සහභාගී වීම පිළිබඳ අවිනිශ්චිතතාවය උද්ගත වූයේ, තරගාවලියට ඉන්දියාවේ සංචාරය කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීමත්, ඒ නිසා ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත් කර, ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය හේතුවෙන්.
