මුහුදේ ගිලී රුසියානු ජාතික කාන්තාවක් මරුට

බෙන්තොට මුහුදේ ගිලී රුසියානු ජාතික කාන්තාවක් මරුට

by Staff writer 25-01-2026 | 3:57 PM

COLOMBO(News1st) - බෙන්තොට මුහුදේ ගිලී විදෙස් ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇය නතර වී තිබූ හෝටලය ආසන්නයේ මුහුදේ දියනාමින් සිටියදී අනතුරට මුහුණපා ඇති බවයි.

මියගොස් ඇත්තේ, රුසියානු ජාතික 49 හැවිරිදි කාන්තාවකි.

ඇගේ මෘත ශරීරය බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය