පැය 24ක් තුළ 5,710ක් අත්අඩංගුවට

පැය 24ක් තුළ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයින් 5,710ක් අත්අඩංගුවට

by Staff writer 25-01-2026 | 3:55 PM

COLOMBO(News1st) - පැය 24 ක් තුළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයින් 571 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ, එහිදී පුද්ගලයින් 29,659 දෙනෙකු පරික්ෂාවට ලක් කළ බවයි.

අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව, 425 කි.

බීමත් රියැදුරන් 443 දෙනෙකු ද, එහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 79 කි.