පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකුට තුවාල..

ගිරිඋල්ල නාල්ල මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකුට තුවාල..

by Staff writer 25-01-2026 | 1:14 PM

COLOMBO (News 1st)- ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ මෙහෙයුමක් අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි අයෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බවයි.

එම අවස්ථාවේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මිරීගම රෝහලට ඇතුළත් කළ තුවාලකරු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.