නැගිටින්න අත දුන් ගම්මැද්ද ‘Care & Dare’

වැටුණු තැනින් නැගිටින්න අත දුන් ගම්මැද්ද ‘Care & Dare’ ක්‍රියාන්විතය

by Staff writer 24-01-2026 | 9:51 PM

COLOMBO (News 1st) - ආපදාවෙන් බිඳවැටුණු අපේම ජනතාවගේ ජන ජිවිතයට ශක්තියක් ගෙන ඒමේ අරමුණින් ලෝකයේ දැවැන්තම  ස්වේච්ඡා සංවිධානයක් වූ ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වයත් සමග ගම්මැද් Care & Dare’ ක්‍රියාන්විතයේ දෙවැනි අදියර අද සිට දින තුනක් පුරා පැවැත්වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ය.

එය අද ආරම්භ වුණේ පස්සර මධ්‍ය මහා විද්‍යාලයේන්.

නිතී උපදෙස් , හැඳුනුම්පත් , අස්ථානගත වූ ලියකියවිලි , වෘත්තීය මාර්ගෝපදේශ , මනෝ විද්‍යාත්මක උපදේශක , සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සේවා රැසක් එකම තැනකින් ලබාගන්නට ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් වැඩසටහනට පැමිණි ජනතාවට අද දවස පුරා අවස්ථාව හිමිවිය.

එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ, MTV ප්‍රධාන විධායක නිලධාරී හා ගම්මැද්ද නියෝජ්‍ය නායක යසරත් කමල්සිරි ඇතුළු ගම්මැද්දේ කණ්ඩායම සහා පස්සර ප්‍රාදේශිය ලේකම් ගංඟානී සෝමවීර , බදුල්ල දිස්ත්‍රික්ක ආපධා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදය කුමාර , ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ එම් එල් ප්‍රියන්ත සහ පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති චන්දන වික්‍රමසිංහ ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් ය.

ගම්මැද්ද Care & Dare වැඩසටහන සුපුරුදු පරිදි අත් කලාප 10කින් සමන්විත විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් සෞඛ්‍ය සේවා කලාපයක්,

ගැබිණි කාන්තාවන් සහා කුඩා දරුවන් වෙනුවෙන් පෝෂණ මළු බෙදා දීම වෙනුවෙන් පෝෂණ ඇසුරුම් බෙදාහැරීමේ කලාපයක්,

කාන්තා හා පිරිමි දෙපාර්ශවයම වෙනුවෙන් සනීපාරක්ෂක ඇසුරුම් බෙදා හැරීමේ කලාපයක් සහ ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් අත්‍යවහ්‍ය වියලි ආහාර හා උපකරණ බෙදාදීමේ කලාපයක්,  මෙන්ම

ජල පෙරණ උපකරණ හා ගෑස් උදුන් ඇතුළු ගෘහ උපකරණ බෙදාහැරීමේ කලාපයක්ද අද දවස පුරා අපේම ජනතාව වෙනුවෙන් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදීය.